ගල්කිස්ස පන්සල පාර ප්‍රදේශයේදී පසුගිය ජූලි 21 වැනි දින සිදු වූ මනුෂ්‍ය ඝාතන උත්සාහයේ සිද්ධියට සම්බන්ධ 48 හැවිරිදි කාන්තාවක් බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් ලබාදුන් ගිනි අවිය හුවමාරු කරගැනීමට මැදිහත් වී ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරියයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10.270ක් සහ අපරාධයට අදාළ ගෙවීම් ලෙස සැකකෙරෙන රුපියල් 35,060ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ අපරාධයට යොදාගත් මෝටර් රීසිය, සැකකරුවන් ඇඳ සිටි ඇඳුම් සහ ජංගම දුරකථනයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ මෝටර් රීසි රියැදුරු මීට පෙර (ජූලි 26) අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, සැකකාර කාන්තාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.














