පෞද්ගලික ආයෝජකයින්ට FIFA ලෝක කුසලාන තරගාවලියේ කොටස් විකිණීමේ සැලැස්ම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡා කිරීමකින් තොරව කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම “පිළිගත නොහැකි” බව ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මාන් බින් ඉබ්‍රාහිම් අල් කලීෆා (Sheikh Salman bin Ebrahim Al Khalifa) පවසයි.
ෆීෆා (FIFA) ආයතනය විසින් ලෝක කුසලානය සහ අනෙකුත් තරගාවලි මෙහෙයවීම සඳහා ඩොලර් බිලියන 20ක වාණිජ අනුබද්ධ ආයතනයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවට පසුගිය අඟහරුවාදා කළ නිවේදනය සම්බන්ධයෙන් කලාපීය සම්මේලන දැඩි ලෙස දැනුවත් කර නොමැති වීම මෙම විවේචනයට හේතු වී ඇත. මෙම ක්‍රියාමාර්ගය ක්‍රීඩාවේ පවතින මහාද්වීපික ව්‍යුහය දුර්වල කරන බව ප්‍රාදේශීය ආයතනයේ සාමාජිකයින් 47 දෙනෙකුට යැවූ ලිපියක් මඟින් ඒ මහතා පෙන්වා දී තිබේ.














