මැදපෙරදිග ගැටුම හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කර තිබේ.
වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ මෙම ආධාරය ලබාදෙන අතර, ඒ අතරින් ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග අර්බුදය නිසා රටට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක මූල්‍ය සහායක් ලෙස වෙන් කර ඇත. රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම, වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ තරඟකාරීත්වය ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
මේ අතර, මැදපෙරදිග අර්බුදයේ ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව (ඩොලර් මිලියන 200ක්) සහ කාම්බෝජය (ඩොලර් මිලියන 250ක්) වෙත සමස්ත අමෙරිකානු ඩොලර් මිලියන 450ක මූල්‍ය සහායක් ලබාදීමට ADB පියවර ගෙන තිබේ.














