ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා තීරණය කර ඇත.
කායික වෙහෙස සහ පෞද්ගලික විවේකය අවශ්‍ය වීම මෙම තීරණයට හේතු වූ බවත්, වයස්ගත වීමත් සමඟ කායික ශක්තිය අඩුවීම ස්වාභාවික බැවින් පසුගිය කාලසීමාව තුළ අඩපණ වූ තම නිර්මාණශීලී ලේඛන හා කාව්‍යකරණ කටයුතු සඳහා විවේකයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පවසයි. 2024 දෙසැම්බර් 16 වන දින මෙම ධුරයට පත් වූ හෙතෙම, ජනාධිපතිවරයා සහ වත්මන් රජය කෙරෙහි පැවති විශ්වාසය කිසිදු අයුරකින් වෙනස් වී නැති බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක රටට සහ රජයට සහාය ලබාදීමට සූදානම් බවත් අවධාරණය කර ඇත.














