දශක ගණනාවක් පුරා මැදපෙරදේශයේ ඇමරිකානු හමුදාවේ ප්‍රධානම සැපයුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වූ කුවේටයේ පිහිටි තම හමුදා කඳවුරු සහ බලය ක්‍රමයෙන් ඉවත් කර ගැනීමට ඇමරිකාව සූදානම් වන බව වාර්තා වේ.
සද්දාම් හුසේන්ගෙන් පසු කුවේටයට ආරක්ෂක ශක්තියක් වූ මෙම කඳවුරු, වත්මන් ඉරාන යුත් පසුබිම තුළ දැඩි තර්ජනයකට සහ ඉලක්කයක් බවට පත්වීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ. හමුදා පැවැත්ම මෙන්ම ආරක්ෂිත පළිහක් සේම දැඩි වගකීමක් හා අවදානමක් බවට පත්ව ඇති බැවින්, පෙන්ටගනය මීට පෙර ආරම්භ කර තිබූ හමුදා අවම කිරීමේ වැඩපිළිවෙළ දැන් තවත් වේගවත් කර ඇති බව සඳහන් වේ. කුවේටය තවදුරටත් ඇමරිකාවේ ආරක්ෂක සහය අපේක්ෂා කළද, කලාපයේ පැරණි ස්ථිර හමුදා බලය ඉදිරියට පවත්වා ගැනීම ගැටලුකාරී වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal(x) ඇසුරින්














