නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ නිලධාරීන් දෙදෙනෙකු මුදල් වංචාවක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (31) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර නොකර එම නිලධාරීන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විගණන අංශය විසින් කළ විමර්ශනයකින් පසු, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් විසින් හැටන් කොට්ඨාශ විශේෂ විමර්ෂණ ඒකකය වෙත කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.2025 වසරේ සිට මෙම මුදල් වංචාව සිදු කර ඇති බවත්, වංචා කළ මුදලේ ප්‍රමාණය මීට වඩා වැඩි වන්නට ඇති බවත් අනාවරණය වී ඇත. මේ සඳහා එම කාර්යාලයේ තවත් නිලධාරීන්ගේ සහයෝගය ලැබී ඇත්දැයි යන්න පිළිබඳව හැටන් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. අස්වැසුම ප්‍රතිලාභීන්ට තම බැංකු ගිණුමට මුදල් නොලද බවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ලිඛිතව දැනුම් දීමෙන් පසු සිදු කළ මූලික විමර්ශනයකදී මෙම වංචාව හෙළි වී තිබේ.














