මීගමුව මුහුදේදී අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවක සිටි එක් ධීවරයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කරන බව වාර්තා වේ.
එමෙන්ම, මෙම අනතුරින් අතුරුදන් වී ඇති බවට පැවසෙන තවත් ධීවර යාත්‍රා 3ක් සෙවීම සඳහා මේ වන විට නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර, එම කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක්ද යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.














