ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි හමුදාපතිවරයා ලෙස සිය ධුර කාලය නිම කළ ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා, ජුලි 31 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබේ.
මෙම හමුවේදී හිටපු හමුදාපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් දැක්වූ කැපවීම සහ ඉටු කළ විශිෂ්ට සේවය අග්‍රාමාත්‍යතුමිය විසින් අගය කළ අතර, සිය ධුර කාලය තුළ හමුදාවේ මෙහෙයුම් හැකියාවන් හා වෘත්තීයමය ප්‍රමිතීන් ඉහළ නැංවීමට ලබා දුන් දායකත්වය ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා මෙහිදී සිහිපත් කළේය. අනතුරුව, සේවයෙන් නික්ම යන හිටපු යුද හමුදාපතිවරයාගේ ඉදිරි කටයුතු සඳහා අග්‍රාමාත්‍යතුමිය සුබපැතුම් එක් කළා ය.














