භූතානයේ පැවති දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) විධායක කමිටු රැස්වීමේදී, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් මහතා එම සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගෙන තිබේ.
ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන SAFF සාමාජික රටවල් සතෙහිම පූර්ණ සහයෝගය ඔහුට හිමි වී ඇත. ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා ලෙස ඔහුගේ පාලන කාලය තුළ මෙරට ෆිෆා (FIFA) ශ්‍රේණිගත කිරීම 207 සිට 187 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී ඇති අතර, ඔහු දැනට ෆිෆා තෘණ මට්ටමේ පාපන්දු කමිටුවේ සහ ආසියානු පාපන්දු සංගමයේ (AFC) සංවර්ධන කමිටුවේද සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.
















