දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (31) දිනයේදී පුද්ගලයන් 26,023 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ අතරින් සැකපිට පුද්ගලයන් 480 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම්වලදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 14 දෙනෙකු, වරෙන්තුකරුවන් 257 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 129 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, බීමත් රියදුරන් 50 දෙනෙකු, අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 110 දෙනෙකු සහ අනෙකුත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4,186 දෙනෙකුද නීතියේ රැහැළට හසු කර ගෙන තිබේ.
















