අද (01) පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් මහර බන්ධනාගාර පරිශ්‍රය වෙත, මෙරට 26 වන යුද හමුදාපතිවරයා ලෙස අද දින ධුරයේ රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පැමිණ තිබේ.
මහර බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ බන්ධනාගාරය සහ ඒ අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ත්‍රිවිධ හමුදාව ද කැඳවා ඇත. මීට අමතරව, පවතින තත්ත්වය සලකා බලා රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ද පැනවීමට කටයුතු කර තිබේ.
















