ඊයේ (1) දිනයේ මාදම්පේ පොලිස් වසමේ පම්බල ප්‍රදේශයේ පොල් ඉඩමක් තුළ ධාවනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව අගලකට පෙරළී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ ට්‍රැක්ටර් රථ රියදුරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වේ.
එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වූ පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














