2026 අගෝස්තු 01 වන දින ගල්කිස්ස වෙරළ තීරයේදී පුද්ගලයෙකු ක්ෂණික දියපහරකට හසුව මීටර් 75 ක් පමණ මුහුද දෙසට ඇදී යමින් සිටියදී, ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් එම පුද්ගලයා සාර්ථකව බේරාගෙන තිබේ.මෙම මෙහෙයුම සඳහා උපපොලිස් පරීක්ෂක සමුදික, පොලිස් සැරයන් (47473) කුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන (96927) දිසානායක, (97022) ජයකොඩි, (98684) කොඩිතුවක්කු සහ (106386) බංඩාර යන මහත්වරුන් කණ්ඩායම සහභාගී වී ඇත.අදාළ පුද්ගලයා මුදා ගැනීමෙන් පසු ඔහුට මූලික ප්‍රථමාධාර ලබා දී ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගතවන ලෙසද නිලධාරීන් විසින් උපදෙස් ලබා දී තිබේ.














