දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමට එහි කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය විසින් අද (02) පියවර ගෙන තිබේ.පවතින වැසි තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි ගංවතුර අවදානම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, මේ හරහා තත්පරයට ඝන අඩි 3,940ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බව පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පවසයි.ඒ අනුව, මහවැලි ගඟ පහළ ධාරාවේ සහ වික්ටෝරියා ජලාශය ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට මේ පිළිබඳව දැඩි ලෙස විමසිලිමත්ව සිටින ලෙසත්, අවශ්‍ය වුවහොත් කඩිනමින් ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් අදාළ අංශ වැඩිදුරටත් ඉල්ලා සිටී.














