රත්ගම පොලිස් වසමේ ඕවකන්ද හන්දිය ආසන්න වෙරළ තීරයට අද (03) උදෑසන සුදු පැහැයට හුරු අඩි 40ක් පමණ දිග බහාලුමක් ගොඩගසා තිබේ.
මෙය නැවකින් මුහුදට පතිත වූ හෝ පෙරළුණු බහාලුමක් විය හැකි බවට රත්ගම පොලීසිය සැක පළ කරයි. මීට පෙර ඊයේ (02) දිනයේදීද ඉඳුරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයටද මෙგැනිම ස්වරූපයේ සුදු පැහැති බහාලුමක් ගොඩගසා තිබුණි.














