ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ වැඩ කටයුතු නැවත භාරගත් බව ප්‍රවීණ කිවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
මීට පෙර ඉකුත් බ්‍රහස්පතින්දා (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව හෙතෙම දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, රජය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ඉදිරියටත් තනතුරේ සේවය කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කර ඇත. පවතින අපහසුතා දරාගනිමින් තවදුරටත් රාජකාරි කරගෙන යන බවද ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.














