මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් කොටගල පබ්බතාරාම විහාරස්ථානයේ ආවාස ගෙයට අද (03) අලුයම 2.30ට පමණ පස් කන්දක් කඩා වැටී තිබේ.
මෙම අනතුරින් ආවාස ගෙයි වැඩ සිටි හිමිනමකට තුවාල සිදුව ඇති අතර, ගොඩනැගිල්ලටද දැඩි අලාභහානි සිදුව ඇත. විහාරස්ථානයේ නායක හිමිපාණන්ගේ ආදාහන කටයුතු අද දිනට යෙදී තිබියදී මෙම හදිසි අනතුර සිදුවීම විශේෂත්වයකි.














