නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් කලාප කාර්යාල දෙක යටතේ පාලනය වන සියලුම පාසල් සඳහා අද (03) දින නිවාඩු ලබා දී තිබේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණය හමුවේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, ගම්පොළ, තෙල්දෙනිය සහ මහනුවර යන අධ්‍යාපන කලාපවල පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.














