ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ ගෝලීය තෙල් මිල ගණන් පසුගිය සඳුදා (අගෝස්තු 03) දින ආසන්න වශයෙන් 5% කින් පහළ ගොස් තිබේ. මෙය සති තුනක් තුළ වාර්තා වූ අඩුම අගය ලෙස දැක්වේ.
ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි ඉරානය සමඟ සාකච්ඡා කිසිවක් ආරම්භ වී නොමැති වුවද, ප්‍රහාර අත්හිටුවීමේ තීරණයත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් මිල 5% කින් පහළ ගොස් බැරලයක් ඩොලර් 83.52 ක් දක්වා වැටී ඇත. එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් මිල 6.1% කින් අඩුවී බැරලයක් ඩොලර් 79.49 ක් ලෙස සටහන් විය. මැදපෙරදිග යුගදී ගැටුම් සහ හුති සංවිධානයෙන් එල්ල වන තර්ජන හේතුවෙන් තෙල් ප්‍රවාහන නෞකා සිය ගමන් මාර්ග වෙනස් කරමින් පවතින පසුබිමක මෙම තෙල් මිල පහළ යෑමක් වාර්තා වීම විශේෂත්වයකි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













