අධික වර්ෂාව හේතුවෙන් හැටන් – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ස්ථාන 5කින් විශාල පස් කන්ඩි කඩා වැටී නායයාමේ තත්ත්වයක් හටගෙන ඇති බව නෝර්වුඩ් විධායක ඉංජිනේරු ඒ.එම්. සාධික් පවසයි.
අද (03) දින මෙලෙස මාර්ගයට කඩා වැටුණු පස් කන්ඩි සහ ගල් ඉවත් කර ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. නමුත් පවතින අධික වර්ෂාව හේතුවෙන් එම කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවයි ඉංජිනේරුවරයා සඳහන් කළේ.
මෙම තත්ත්වය මත එම මාර්ගය භාවිත කරන රථවාහන රියැදුරන් දැඩි විමසිල්ලෙන් ගමන් කළයුතු බවට පොලිසිය දැනුම් දී සිටී.














