වසර 6ක කාලයක් පුරා ඉදිකිරීම් නවතා දමා තිබූ මිනුවන්ගොඩ, පන්සිල්ගොඩ වත්තේගෙදර මාර්ගයේ පාලමෙහි වැඩකටයුතු ඊයේ (03) යළි ආරම්භ කරන ලදි. මෙම ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා ද සහභාගි විය.
ඉදිරි මාස හයක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රධාන ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේය. මේ සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය ප්‍රතිපාදන මධ්‍යම රජය විසින් මේ වන විට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත ලබා දී ඇත.















