එක්සත් ජනපද කොංග්‍රස් මන්ත්‍රිනී ක්‍රිසී හුලහෑන් (Chrissy Houlahan) මහත්මිය සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. මෙම සුහද හමුවේදී දෙපාර්ශ්වය අතර වත්මන් ආරක්ෂක තත්ත්වය, මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන වැඩසටහන් ඇතුළු අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙහිදී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත එක්සත් ජනපදය අඛණ්ඩව ලබාදෙන සහාය පිළිබඳව සිය ප්‍රශංසාව පළකළ ගරු නියෝජ්‍ය කථානායකවරයා, විශේෂයෙන්ම එක්සත් ජනපද නියෝජිත මණ්ඩලයේ ‘House Democracy Partnership’ වැඩසටහන මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මෑතකදී ලබාදුන් තාක්ෂණික සහාය ඇගයීමට ලක් කළේය. මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීහුද එක්ව සිටියහ.















