මෙම වසරේ (2026) තෙවන කාර්තුව සඳහා කිසිදු විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර ඇත. ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව මෙම පියවර ගෙන තිබේ.
සියලු ගැලපීම් කිරීමෙන් පසු 2026 තෙවන කාර්තුවේදී විදුලිය සැපයීම සඳහා වන පිරිවැය ඉහළ යෑම 0.3%කට එනම් රුපියල් මිලියන 417කට සීමා වී ඇති බව ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, දෙවන කාර්තුවේ පැවති විදුලි ගාස්තු ක්‍රමයම තෙවන කාර්තුව තුළදී ද අඛණ්ඩව බලාත්මක වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.














