දකුණු දිග රුසියාවේ සංචාරකයින් බහුලව ගැවසෙන වෙරළ ප්‍රදේශයකට යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 17 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බව ක්‍රස්නෝඩර් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. හිතාමතාම සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය මෙම ප්‍රහාර එල්ල කරන බවට ඔහු දැඩි ලෙස චෝදනා කරන අතර, ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වන ආකාරය දැක්වෙන දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි.














