නුවරඑළිය දිස්ත්‍රික්කයට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් හැටන් දිසා අධිකරණයේ සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (04) දින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කටයුතු ලබන 11 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අධිකරණ කාර්ය මණ්ඩලයට, නඩු කටයුතු සඳහා පැමිණිය යුතු පොලිස් නිලධාරීන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට අධිකරණය වෙත ළඟාවීමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම මෙම තීරණයට මූලිකවම හේතු වී ඇත. එම අධිකරණවල සේවය කරන නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අදාළ මහෙස්ත්‍රාත්වරුන් විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.














