ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ආබාධ සහිත පුද්ගලයන්ගේ නිෂ්පාදන හා නිර්මාණ ඇතුළත් “ස්වාභිමානී දිරිය නිපැයුම් – 2026” වෙළඳ ප්‍රදර්ශනය විෂයභාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ආබාධ සහිත පුද්ගලයන්ගේ නිෂ්පාදන හා නිර්මාණ ප්‍රදර්ශනය කිරීම, ඔවුන් සවිබලගැන්වීම සහ ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරී කොටස්කරුවන් බවට පත් කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වේ.මෙම අවස්ථාව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය ලබාදෙන “අස්වැසුම” සහනාධාර මුදල් පවා වංචා කිරීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් පෙළඹී සිටීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බවත්, එයින් සුපිළිපන් සමාජයක් ගොඩනැගීමේ දැඩි අවශ්‍යතාව මනාව පැහැදිලි වන බවත්ය.
















