වී ගොවියාගේ අස්වනු සඳහා වහාම සාධාරණ මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය
“මේ රටේ ගොවි ජනතාව තමන්ගේ ප්‍රශ්න කිව්වම, ගොවියා කසිප්පුකාරයෙක් කියලා කියනවා. වී මිල ගැන ගොවියා කතා කළාම, ‘නෑ අපි දෙන්නේ නෑ’ කියලා කියනවා. පොහොර ටික වෙලාවට ගොවියාට ලැබෙන්නේ නෑ. ගොයම් කැපෙන කාලේ බලා හාල් පිටරටින් ගේනවා. කිවුවෙ කොහොමද? හාල් පිටරටින් ගේන්නෙ නෑ, මේ තමයි හාල් ගේන අන්තිම අවුරුද්ද යැයි කිව්වා.”















