බුත්තල විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ උනකන්ද රක්ෂිතයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් 13,125,000ක වටිනාකමකින් යුත් වියළි ගංජා කිලෝග්‍රෑම් 375ක් සඟවා තිබියදී සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොස්ලන්ද පොලිසිය වෙත භාර දී තිබේ.
එමෙන්ම, පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් පුත්තලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් 1,232,000ක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සහ කේරල ගංජා ග්‍රෑම් 32ක් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පුත්තලම පොලිසිය විසින් සිදු කරනු ලබයි.















