ගත වූ දින 04ක කෙටි කාලය තුළ වටවල ප්‍රදේශයට මිලිමීටර් 661ක පමණ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා. ඊයේ (03) දින පමණක් එම ප්‍රදේශයට මිලිමීටර් 204ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එය ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ ඉහළම වර්ෂාපතන අගයයි.මීට අමතරව, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පසුගිය දින 03 තුළ මිලිමීටර් 150ත් 500ත් අතර ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇත. ගෝලීය කාලගුණ විපර්යාසවල බලපෑම හේතුවෙන් ඉතා කෙටි කාල පරාසයක් තුළ මෙგොඩ වැසි පතිත වීම මේ වන විට සුලබ තත්ත්වයක් බවට පත්ව ඇති බවත්, කෙසේ වෙතත් මෙය මීට පෙර වාර්තා වූ ‘දිට්වා’ සුළි කුණාටු සමයේ පැවැති තත්ත්වයට සමාන කළ නොහැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
කඳුකර ප්‍රදේශවලට අඛණ්ඩව ලැබෙමින් පවතින මෙම අධික වර්ෂාපතනයත් සමඟ නායයාම් සහ පස්කඳු කඩාවැටීමේ අවදානම දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. එබැවින්, අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව කාලගුණික නිවේදන සහ ආපදා කළමනාකරණ අංශ ලබාදෙන උපදෙස් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් තරයේ ඉල්ලා සිටියි.














