ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (04) විවෘත කර තිබෙනවා.
මෙම ජලාශවල ජල මට්ටම ඉහළ යාම මෙන්ම, විමළසුරේන්ද්‍ර ජලාශයද අද දිනයේ අඛණ්ඩව වාන් දැමීම හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවන් පවසයි. ඒ අනුව, කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාවට සහ ඒ හරහා ගමන් කරන පිරිස් වෙත අවධානයෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීම් සිදු කර ඇත.














