යේමන මුහුදු තීරය අසලදී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ඉන්දීය ධජය යටතේ ගමන් කළ “MSV Faize Noore Oliya” නැමැති වාණිජ නෞකාව ගිලී ගොස් ඇති බව ඉන්දීය නැව්ගත කිරීමේ අමාත්‍ය සර්බානන්ද සෝනෝවාල් (Sarbananda Sonowal) පවසයි.
අගෝස්තු 4 වැනිදා රතු මුහුදේ යේමන වෙරළට ඔබ්බෙන් සිදුවූ මෙම අනතුරින් නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු ඇතුළු නාවිකයන් 14 දෙනාම යේමන වෙරළ ආරක්ෂක බලකාය විසින් ආරක්ෂිතව බේරාගෙන මොකා (Mokha) වරාය වෙත රැගෙන ගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් යේමන බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. සෞදි ටැංකි කිහිපයකට එල්ල වූ හූති ප්‍රහාර හේතුවෙන් ඉන්දීය තෙල් පිරිපහදුකරුවන් මැදපෙරදිකම් බර (delivered basis) පදනම මත තෙල් මිලදී ගැනීම් වෙත යොමු වී ඇති පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මේ අතර, සෞදි අපනයන අවහිර කිරීමේ අරමුණින් ටෙහෙරාන් ගැති හූති කැරලිකරුවන් විසින් යේමන වෙරළ තීරයෙන් ඔබ්බට රතු මුහුදේ නාවික ගමනාගමනයට දිගින් දිගටම බාධා එල්ල කරමින් සිටින අතර, එය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වන තෙල් සැපයුම කඩාකප්පල් කර ඇති ඇමරිකා-ඉරාන ගැටුම තවත් පුළුල් කිරීමට හේතු වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














