ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතාගේ කීර්තිනාමයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලමින් ගොනු කරන ලද නඩුවක් සලකා බැලූ නුගේගොඩ දිසා අධිකරණය දානිස් අලි නමැත්තෙකුට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ජස්වර් උමර් මහතාට හෝ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අපකීර්තියක් හෝ හානියක් වන කිසිදු කරුණක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම හෝ බෙදාහැරීම මෙම වාරණ නියෝගයෙන් තහනම් කර ඇත. අදාළ නඩුව වැඩිදුර සලකා බැලීම සඳහා දින 14කින් යළි කැඳවීමට නියමිතය.
















