පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණ යන පළාත් හතරක පාචනය සහ මී උණ ඇතුළු බෝවන රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසන්නේ පාචනය, මී උණ, බෝවන සෙංගමාලය, ඩෙංගු මෙන්ම අපිරිසුදු ජලයේ දිය නෑමෙන් හා ක්‍රීඩා කිරීම නිසා දරුවන් අතර කුෂ්ඨ රෝග පැතිර යාමේ අවදානමක්ද මතුව ඇති බවයි.














