2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (අගෝස්තු 05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. විභාග කටයුතු අවසන් වන තෙක් මෙම තහනම දැඩි ලෙස ක්‍රියාත්මක වේ.
ඒ අනුව, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම, ප්‍රචාරය කිරීම හෝ විභාග ප්‍රශ්න ලබාදෙන බවට සහ සමාන ප්‍රශ්න ලබාදෙන බවට සඳහන් කරමින් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වන අතර, එවැනි ප්‍රචාරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමද තහනම් කර ඇත.
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනි දින දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















