කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු සහ මඩ සොරොව්ව අද (05) උදෑසන විවෘත කර ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසන්නේ අතිරික්ත ජලය තත්පරයට ඝන මීටර 130 ක පමණ ශීඝ්‍රතාවයකින් කොත්මලා ඔයට නිදහස් කිරීම ආරම්භ කර ඇති බවයි. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයේ නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්රදේශවලද, මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට හා පොල්ගොල්ල දක්වා ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතියි.
ජලාශයට ලැබෙන ජල ශීඝ්‍රතාවය අනුව මෙලෙස නිදහස් කරන ජල ප්‍රමාණයන් ඉදිරියේදී වෙනස් විය හැකි බැවින්, අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිමින් තමන්ගේ සහ දේපොළවල ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මහවැලි අධිකාරිය ඉල්ලා සිටී.














