කලවාන අයගම, කොළඹෑව ගම්මානයේ ජීවත් වන ජනතාව ජීවිතයත් මරණයත් අතර අරගලයක යෙදෙමින් දෛනික කටයුතු සඳහා භාවිත කරන මාරක වැල් පාලම මේ වන විට දැඩි ලෙස දිරාපත්ව ඇතැයි වාර්තා වේ. සබරගමු සහ බස්නාහිර පළාත් සම්බන්ධ කරන මෙම ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම අවදානම් තත්ත්වයට මුහුණ දී සිටිති.
කළුතර පාලින්දනුවර සහ රත්නපුර අයගම වෙන්වී පවතින කුකුළු ගංගාව සම්බන්ධ කරමින් කොස්ගුලන හා කොළඹෑව හරහා මෙම පාලම ඉදිකර තිබේ. ප්‍රදේශවාසීන් පානීය ජලය රැගෙන යාම ඇතුළු දෛනික අවශ්‍යතා සඳහා බස්නාහිර පළාතේ සිට මෙම දිරාගිය වැල් පාලම මතින් ගමන් කරන අතර, මෙම අවදානම් තත්ත්වයට ස්ථිර විසඳුමක් ලෙස වැල් පාලම වෙනුවට නව ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ී සිටිති.
















