• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

AI Amplified තේමාව යටතේ ශ්‍රී ලංකා කෘත්‍රිම බුද්ධි සතිය 2026 සැප්තැම්බර් මාසයේදී

5 August 2026
in දේශීය, පුවත්
AI Amplified තේමාව යටතේ ශ්‍රී ලංකා කෘත්‍රිම බුද්ධි සතිය 2026 සැප්තැම්බර් මාසයේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතය වේගවත් කිරීම සහ ශ්‍රී ලංකාව කලාපීය කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ ජාතික මුලපිරීමක් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL ආයතනය ඒකාබද්ධව “ශ්‍රී ලංකා කෘත්‍රිම බුද්ධි සතිය 2026″ (Sri Lanka AI Week 2026) නිල වශයෙන් එළිදක්වා තිබේ.
“AI Amplified” යන තේමාව යටතේ 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන හරහා ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරිකයින්, පර්යේෂකයින්, ආරම්භක ව්‍යාපාරිකයින්, සිසුන් සහ තාක්ෂණික ප්‍රවීණයන් එකතු කර රටේ කෘත්‍රිම බුද්ධි පරිසර පද්ධතිය සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. පසුගිය 2025 වසරේ පැවති පළමු ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනයේ සහ සමුළුවේ සාර්ථකත්වය මත පදනම්ව, මෙවර AI Leaders Night, AI Conference, AI Expo සහ National AI Awards යන ප්‍රධාන අංශ හතරක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ගෝලීය තාක්ෂණික සේවාවන් පාරිභෝගිකයෙකු මෙන් භාවිත කිරීමෙන් ඔබ්බට ගොස් කෘත්‍රිම බුද්ධි මත පදනම් වූ විසඳුම් නිෂ්පාදකයෙකු බවට පත්විය යුතු බවයි. තවද, ජාතික කෘත්‍රිම බුද්ධි සතියේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
ජාතික සම්මාන, කර්මාන්ත විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ අනාගතය, සහ අන්තර්ගතය සඳහා AI ඇතුළු අංශ 16කට අධික සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ජාතික කෘත්‍රිම බුද්ධි සම්මාන උළෙල (National AI Awards) පැවැත්වීමට නියමිතය. මෙම උත්සවයට සමාගම සහභාගී වෙමින් SLT-MOBITEL ආයතනය විසින් දකුණු ආසියාවේ පළමු AI ටෝකනීකරණ වේදිකාව වන SMART AI සහ ඉගෙනුම්කරුවන්, පර්යේෂකයින් සහ රජය එකිනෙක සම්බන්ධ කරන AI Hub යන නව කෘත්‍රිම බුද්ධි මුලපිරීම් දෙකක් ද හඳුන්වා දෙන ලදී.
මෙම ආරම්භක අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති වෛද්‍ය හාන්ස් විජේසූරිය, SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් යන මහත්වරුන් ඇතුළු රජයේ සහ කර්මාන්ත නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

ආරක්ෂක හමුදාව විද්‍යාත්මක හා වෘත්තීය නිපුණතාවෙන් සන්නද්ධ කළ යුතුයි

Next Post

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16,000කට අධික පිරිසක් පීඩාවට පත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16,000කට අධික පිරිසක් පීඩාවට පත්වෙයි

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16,000කට අධික පිරිසක් පීඩාවට පත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

5 August 2026
යෝජිත සත්ව ආරක්ෂණ පනතින් පෙරහැර සම්ප්‍රදායට බලපෑම් එල්ල වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය ඉරානයට ලබාදීමට යෝජනාවක්

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved