ඉරානය පිළිගැනීමට අකමැති වුව ද දෙපාර්ශ්වය අතර නව වටයේ සාකච්ඡා ඉතා යහපත් මට්ටමෙන් සිදුකෙරෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මෙවන් පසුබිමක ඕමානය සමඟ පවතින සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව ඉරානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ මුහුදු මාර්ගයේ ආරක්ෂිත පැමිණීමේ සහ පිටවීමේ නාවුක මාර්ග තීරණය කිරීමේ තාක්ෂණික හා දේශපාලන යාන්ත්‍රණයන් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි.
මේ අතර, ඉරානය සමඟ මාස පහක් පුරා පවතින යුද්ධයේදී අමෙරිකාව සතු ඉතා නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර මිසයිල සංචිතයෙන් වැඩි ප්‍රමාණයක් භාවිතා කර අවසන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය මඟින් අනාගත යුද ගැටුම් සඳහා අයහපත් බලපෑමක් එල්ල වනු ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.













