මුස්ලිම්, ක්රිස්තියානි සහ යුදෙව් යන සියලු දෙනාටම ජෙරුසලම ඉතා පූජනීය නගරයක් බවත්, එය බලහත්කාරයෙන් හෝ එක්පාර්ශ්වික ක්රියා මාර්ගවලින් ස්ථිර වෙනස්කම් සිදු කරන යුද්ධ බිමක් නොමැතිව සාමයෙන් සහ සහජීවනයෙන් යුත් නගරයක් විය යුතු බවත් සෞදි විදේශ ඇමති ප්රින්ස් ෆයිසල් බින් ෆර්හාන් (Prince Faisal bin Farhan) අම්මාන් නුවරදී පැහැදිලිව ප්රකාශ කර තිබේ.
එහිදී “යථාර්ථයක් මත පැටවීම” (imposition of a fait accompli) ප්රතික්ෂේප කිරීම යන්නෙන් ඔහු අදහස් කර ඇත්තේ, ඊශ්රායලය විසින් සිදු කරනු ලබන ජනාවාස පිහිටුවීම්, බිම් අල්ලා ගැනීම් හෝ තත්ත්වයන් වෙනස් කිරීම් හුදෙක් බිම් මට්ටමේ සිදුවී ඇති පමණින් ඒවා ස්ථිර කරුණු ලෙස පිළිගැනීම ප්රතික්ෂේප කිරීම බව පැහැදිලි වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













