ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කලා සංස්කෘතික අනු කමිටුව විසින් සංවිධානය කරන ලද මහර ආසනයේ නූතන කවි සහ ගීත රසවින්දන වැඩසටහන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇත.
මෙම රසවින්දන වැඩසටහනේ ආරාධිත දේශනය පොලිස් පරීක්ෂක කිවිවර ඉලක්ෂ ජයවර්ධන මහතා විසින් පවත්වන ලද අතර, අනතුරුව මහර සංස්කෘතික බලමණ්ඩලයේ කලාකරුවන් සහ කලාකාරිණියන් විසින් ගීත සහ කවි ගායනා ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් කලා හා සංස්කෘතික අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, මහර ප්‍රාදේශීය සභාවේ උප සභාපති රසික දර්ශන දුමින්ද, මහර ප්‍රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර ඇතුළු කලාකරුවන් සහ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.














