අරුග්ගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට අඩුපාඩුවක්ව පැවති ස්මාර්ට් පන්ති කාමර දෙකක් රුපියල් ලක්ෂ 7ක පමණ ප්‍රතිපාදන යොදවා අංගසම්පූර්ණ ලෙස සකස් කර පාසල වෙත ප්‍රදානය කිරීමට එම විද්‍යාලයේ ආදි ශ්‍රී පරාක්‍රමයන් කටයුතු කර තිබේ.
දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයකට අවශ්‍ය සම්පත් රජය මඟින් ලැබී තිබුණද එයින් නිසි ප්‍රයෝජනයක් ගැනීම සඳහා ඊට අවශ්‍ය සුදුසු පන්ති කාමර නොතිබීම පිළිබඳව විදුහල්පතිනි බී.ඒ.ඩී. දිල්රුක්ෂි මහත්මිය විසින් ආදි ශ්‍රී පරාක්‍රමයන්ගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත. මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල ඇතුළු විශාල ආදි සිසු පිරිසක් සහභාගි වී සිටියහ.













