නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැනින් තැන සිදුවන ජල ගැලීම් සම්බන්ධයෙන් ස්ථිර විසඳුම් සෙවීම සඳහා අදාළ ආයතන නියෝජනය කරමින් විශේෂ කමිටුවක් පත් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ ආපදා කළමනාකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති අතර, මෙතෙක් සෑම වැසි සමයකම ගංවතුර ඇති වන ස්ථාන බහුතරයක් එකම ස්ථාන වන බැවින් මෙම ගැටළුවට ස්ථිර විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය බව සූම් තාක්ෂණය ඔස්සේ එක් වූ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා අවධාරණය කළේය. කාලගුණ අනාවැකි අනුව ඉදිරි දින කිහිපය පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ආපදා තත්ත්වයන් කළමනාකරණය කරමින් සහන සැලසීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.













