දකුණු කොරියාවට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය අගනුවර වන සෝල් නගරයේදී අද (06) උච්චතම අවස්ථාවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 (ෆැරන්හයිට් 102) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, මෙම අක්‍රමවත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයන් 20 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අධික උණුසුම් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් එරට ජනාධිපති ලී ජේ මියුං පවසා ඇත්තේ මීට පෙර විදේශීය ප්‍රවෘත්ති වාර්තාවලින් පමණක් දුටු මෙպමණ ඉහළ පරිමාණයේ අධික උණුසුමක් දැන් දිනෙන් දින අඛණ්ඩව පවතින බවත්, එය වර්තමානයේ ඔවුන්ගේ සැබෑ යථාර්ථය බවට පත්ව ඇති බවත්ය. තවද, දවසේ උණුසුම්ම පැය කිහිපය තුළ එළිමහන් සේවකයන් සඳහා අනිවාර්ය විවේක කාල ලබා දීම දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත දැනුම් දී ඇත.
මීට පෙර දකුණු කොරියාවෙන් මෙგැනි ඉහළ උණුසුම් කාලගුණයක් වාර්තා වී ඇත්තේ 2018 වසරේ අගෝස්තු මාසයේදී වන අතර, එවක එය සෙල්සියස් අංශක 39.6 ක් ලෙස සටහන්ව තිබිණි.
















