සිය ආයතනික ගමන් මඟේ ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී (Vallibel Finance PLC) රුපියල් බිලියන 200 ක වත්කම් පදනමක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව තිබේ.
මෙම සුවිශේෂී ජයග්රහණය නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්යක්ෂ එස්.බී. රංගමුව මහතා සඳහන් කර ඇත්තේ, 2026 ජූලි 31 දින වන විට සමාගමේ මුළු වත්කම් පදනම රු. බිලියන 200 කඩඉම සාර්ථකව ඉක්මවා ගොස් ඇති බවයි.
















