අද (06) උදෑසන 8.15 ට පමණ මරදාන, පංචිකාවත්ත අබේසිංහාරාම මාර්ගයේ පිහිටි කඩකාමරයක හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙලෙස ගිනිගෙන දැවී ඇත්තේ එම කඩකාමරය වන අතර, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ප්‍රදේශවාසීන් පවසන ආකාරයට, මෙම පරිශ්‍රය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ ගණිකාවන්ගේ තිත්පොළක් ලෙස ක්‍රියාත්මක වී ඇත. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් නිරන්තරයෙන් ගැවසෙන මෙම ස්ථානයට දිවා රාත්‍රී භේදයකින් තොරව විවිධ පුද්ගලයින් පැමිණෙන බවත්, පැමිණෙන පුද්ගලයන්ගේ මුදල් පසුම්බි සොරකම් කිරීම් ආදී නීතිවිරෝධී කටයුතුවල නිරත වූ බවත් ප්‍රදේශවාසීහු පවසති. ඒ අනුව, හටගත් මෙම ගින්නට හේතුව ද ඔවුන්ගේම යම් ක්‍රියාකාරකමක් වන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක පළ කරති.














