නාවලපිටිය ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ, නාවලපිටියේ සිට ඉඟුරුඔය නවගම්මානය දක්වා දිවෙන මාර්ගයේ හගරන්ඔය හරහා වැටී තිබූ කොන්ක්‍රීට් පාලම ජල පහරට හසුවී ඉවුරු කඩා ඔයට වැටී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
පාලම කඩාවැටීම හේතුවෙන් එම ගම්මානයේ පවුල් 350ක පමණ ජනතාවක් පිටතට පැමිණීමට නොහැකිව දැඩි අසීරුතාවකට පත්ව සිටිති. පාලමෙන් මෙගොඩට පැමිණ තම දෛනික කටයුතු සිදු කරගෙන යාමට සහ පාසල් සිසුන්ට පාසල් වෙත යාමට නොහැකි වී තිබේ.
විශේෂයෙන්ම ඉදිරීයේදී පැවැත්වෙන උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට තම විභාග මධ්‍යස්ථාන වෙත යාමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමත්, ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර ග්‍රාම නිලධාරීවරයා හරහා සහතික කර ගැනීම පවා අසීරු කටයුත්තක් වී ඇති බවත් පෙන්වා දෙමින් ප්‍රදේශවාසීන් හානියට පත් වූ පාලම අසලට වී විරෝධතාවකද නියැළී ඇත.














