තම ගුවන් ජාලය පුළුල් කිරීමේ කටයුතුවල කොටසක් ලෙස අගෝස්තු 8 වැනි දින සිට බහරේන්, කුවේට් සහ අර්බිල් යන කලාපීය ගමනාන්ත තුන වෙත ගුවන් ගමන් යළි ආරම්භ කරන බව කටාර් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
කලාපය තුළ ගුවන් ගමන් කාලසටහන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ මෙම ගුවන් සේවා යළි ක්‍රියාත්මක කෙරේ. ව්‍යාපාරික, විනෝද චාරිකා සහ පවුල්වල සාමාජිකයන් බැලීමට යන මගීන්ට වැඩි පහසුකම් සපයමින් මෙම ගමනාන්ත වෙත යළි සේවා සපයන බවත්, ගමන් කිරීමට පෙර නවතම ගුවන් කාලසටහන් පරීක්ෂා කර බලන ලෙසත් එම ගුවන් සේවය මගීන්ට උපදෙස් දී ඇත.














