2025 වසරේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩකයාට හිමි සම්මානය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විසින් දිනා ගන්නා ලද අතර, වසරේ විශිෂ්ටතම ක්රිකට් ක්රීඩිකාව ලෙස ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවාය.
අද (06) පැවති ශ්රී ලංකා ක්රිකට් සම්මාන රාත්රියේදී මෙම සම්මාන ප්රදානය සිදු කෙරුණු අතර, මෙරට ක්රිකට් ක්ෂේත්රයේ විශප්රතිඵල අත්කර දුන් ප්රමුඛ පෙළේ ක්රීඩක ක්රීඩිකාවන් දෙපළක් ලෙස ඔවුන් මෙලෙස ඇගයීමට ලක් විය.













