යේමනයේ හද්‍රමෞත් සහ මාරිබ් ප්‍රදේශවල පිහිටි රජයේ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් හූති කැරළිකරුවන් දියත් කළ මාරාන්තික මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රජයේ සොල්දාදුවන් 30 සිට 45 දක්වා පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
2022 වසරේ ඇති වූ සටන් විරාමයෙන් පසු යමෙනයේ හටගත් දරුණුතම හමුදා උත්සන්න වීම මෙය ලෙස සැලකෙන අතර, සෞදි අරාබියේ සහය ලබන යමෙන රජයේ හමුදා සහ ඉරාන ගැති හූති කැරළිකරුවන් අතර උණුසුම්කාරී වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී ඇත. මෙම ප්‍රහාර හමුවේ තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉදිරියේදී මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්













