ඉරානය සහ ඕමානය අතර ඇති කර ගැනීමට යෝජිත ගෙවීම් ගිවිසුමක් යටතේ හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන නෞකා පාලනය කිරීමේ බලය ටෙහෙරාන් රජයට පැවරෙන අතර, එම මාර්ගය භාවිත කිරීම සඳහා ගාස්තු එකතු කිරීමට සැලසුම් කර ඇත. එහෙත්, මෙම යෝජනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අසීරු බව කර්මාන්ත ආරංචි මාර්ග 4ක් තහවුරු කරයි.
මෙහි ඇති ප්‍රධාන ගැටුම්කාරී තත්ත්වය වන්නේ, මෙම ජල මාර්ගය පාලනය කිරීම සඳහා ඉරානය පිහිටුවා ඇති ආයතනයට ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබීම සහ “ආරක්ෂිත ගමනාගමනය” වෙනුවෙන් මුදල් ගෙවීම තහනම් කර තිබීමයි. ඒ අනුව, එවැනි ගෙවීමක් සිදු කිරීමෙන් නෞකා හිමියන්ට වත්කම් කැටි කිරීමේ අවදානමකට මුහුණ දීමට සිදු වේ. තවද, ලොයිඩ්ස් (Lloyd’s) ආයතනය විසින් නීති රීති සංශෝධනය කරමින්, හෝමුස් ගාස්තුවක් ගෙවන මොහොතකම නෞකාවක යුද අවදානම් රක්ෂණය (war-risk insurance) අවලංගු වන ආකාරයට වගන්තියක් එකතු කර ඇත.
මෙයින් නෞකා හිමියන්ට දැඩි උගුලකට හසුවීමට සිදුවී ඇති අතර, ඉරානයට ගාස්තු ගෙවා රක්ෂණාවරණය අහිමි කර ගැනීම හෝ එය ප්‍රතික්ෂේප කර අවදානම් සහගතව ගමන් කිරීම යන විකල්ප දෙකට මුහුණ දීමට සිදුව තිබේ. අයකරන ගාස්තු ප්‍රමාණය සම්බන්ධයෙන්ද බරපතල පරතරයක් පවතින අතර, ඉරානය භාණ්ඩ වටිනාකමින් 5%ත් 7%ත් අතර මුදලක් ඉල්ලා සිටින අතර, ඕමානය 3%ක පමණ ප්‍රමාණයක් අපේක්ෂා කරන අතර වොෂින්ටනය අවශ්‍ය වන්නේ ශුන්‍ය ගාස්තුවකි. කර්මාන්ත කණ්ඩායම් මෙය නමින් පමණක් වෙනස් වූ බද්දක් ලෙස හඳුන්වන අතර, අවසානයේදී දඩයකට සහ මිසයිල ප්‍රහාරයකට මැදිවී අසරණ වී ඇත්තේ නෞකා කැප්ටන්වරුන්ය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්













